free portfolio website templates
Home  >   [Technical Corner]  >   Exam Support  >  Automobile Mechanic 1 

රචනාමය ගැටළු

  1. සම්ප්‍රදායික ඉග්නිෂන් පද්ධතිය ඇද කොටස් නම කර එහි ක්‍රියාකාරිත්වය පැහැදිලි කරන්න
  2. වේස්ට් ගේට් වෑල්වයක් (Waste Gate) මගින් ඉටු කරන කාර්ය කුමක්ද? එය අක්‍රීය වූ විට රථයේ ඇති විය හැකි දෝෂය කුමක්ද?
  3. මූලික ඩීසල් එන්ජිමක් (සාමාන්‍ය ඉන් ලයින් ඩීසල් පොම්පය සහිත) ත්‍රෝට්ල් දොර (Throttal Door/Valve) නොමැතිව නිෂ්පාදනය වීමටත් සාමාන්‍ය පෙට්‍රල් එන්ජිමක් ත්‍රෝට්ල් දොර සහිතව නිෂ්පාදනය වීමටත් හේතුව කුමක්ද?
  4. අලුත්වැඩියාවක් සඳහා ගලවන ලද එන්ජිමක ස්නේහක මන්ඩ් ලෙස (Oil Sluge) තැන්පත් වී ඇති බව දක්නට ලැබුණි. මෙයට හේතු විය හැකි කරුණු දෙකක් සඳහන් කරන්න
  5. එන්ජිමක සිලින්ඩර පිරවීම උපරිම අගයකින් පවත්වා ගැනීම සඳහා මෝටර් රථ එන්ජිමක් තුල යොදා ගන්නා උපක්‍රම/පද්ධති (System) තුනක් සඳහන් කරන්න.
  6. පරිසර උෂ්ණත්වය අඩු වන විට ඩීසල් වල ගලා යාමේ හැකියාව වැඩිවේ. මෙමෙ ප්‍රකාශය නිවැරදිද? පැහැදිලි කරන්න
  7. ටර්බෝ චාජරයක් සහිත රථ වල බොහෝ විට ඉන්ටර්කූලර් ( Intercooler ) යොදා ගැනේ. මෙහි අවශ්‍යතාවය කුමක්ද?
  8. පෙට්‍රල් මෝටර් රථයක්‌ පණගන්වා ලැසි දිවුම් වේගයේ (Idel Speed) තබා ඇත්නම් එහි ඉන්ධන වායු මිශ්‍රණය පිළිබඳව කිව හැක්කේ කුමක්ද?
  9. පෙට්‍රල් එන්ජිමක පූර්ණ දහනයක් සඳහා අවශ්‍ය ප්‍රධාන සාධක තුන මොනවාද?
  10. EGR පද්ධතියේ මූලික අවශ්‍යතාවය කුමක්ද?


ඔබට අවශ්‍ය තාක්‍ෂණික කරුණු ලබා දීමට අප සැමවිටම උත්සහ කරන්නෙමු. එවැනි අවශ්‍යතා පිලිබඳ අපව දැනුවත් කිරීම මගින් අදාළ තාක්‍ෂණික ලිපි පළකරවා ගැනීමට ඔබට අවස්ථාව ඇත. ඒවැනි ඉල්ලීම් infoarc@autorclk.com වෙත හෝ  Contact Form A මගින් අපවෙත ලැබීමට සලස්වන්න.



  • autorclk.com