මෝටර් රථ වෘත්තියට අදාලව ලංකාවේ මෙන්ම විදේශීයවද පිළිගන්නා මෝටර් රථ පාඨමාලා පහත දක්වා ඇත. එම පාඨමාලා විදේශීය පිළිගැනීමේ ප්‍රමුඛතාව අනුව පෙළ ගස්වා ඇත. එමෙන්ම එම පාඨමාලා පිළිබඳව වැදගත් විශේෂ තොරතුරුද දක්වා ඇත. මෙම තොරතුරු 2026 වසරට යාවත්කාලීන තොරතුරු වේ. එමෙන්ම මෙම පාඨමාලා පෙළගැස්ම ඔටෝගයිඩ් එල් කේ. වෙබ් අඩවියේ ලංකාවේ සහ විදේශ වල නිරත වන සම්පත් දායකයින්ගේ තොරතුරු මත පදනම් වූ ඉතාම නිවැරදි පෙළගැස්ම වේ. ඒමේනම මෙම පෙළගැස්ම පාඨමාලා වල තත්වය අනුව වෙනස් වන නිසා විටින් විට මෙම වෙබ් පිටුවට පිවිස නව තොරතුරු ලබා ගන්නා ලෙස පාඨකයින් වෙත මතක් කරනු ලැබේ.
මෙහි සඳහන් නොවන පාඨමාලා පිළිබඳව (උදාහරණ ලෙස NAITA,Univercity College) අපගේ මාර්ගෝපදේශන පිටුවට පිවිස තොරතුරු ලබා ගන්න ලෙස ඉල්ලා පාඨකයින් වෙත මතක් කරනු ලැබේ.
පිළිගත් මෝටර් රථ තාක්ෂණික පාඨමාලා – පූර්ණ කාලීන / Full Time
(රාජ්‍ය අංශය)
01
මෝටර් රථ කාර්මික ශිල්පී.
Automobile Technician / NVQ 4
මෝටර්රථ ඉංජිනේරු අභ්‍යාස ආයතය ඔරුගොඩවත්ත – කොළඹ(Japan Tech)
තුන් අචුරුදු පූර්ණ කාලීන.පළමු අවුරුදු 1 අවසානයේ වසර දෙකක ප්‍රායෝගික පුහුණුව (Workshop Training)
(අය කිරීමක් සහිතයි)
පිළිගැනීමට හේතු
- වසර දෙකක් පිටස්තර ආයතන වල ප්‍රයෝගික පුහුණුව ලබා දීම
- ප්‍රයෝගික පුහුණුව ලබා දෙන පිටස්තර ආයතන බොහෝවිට වාහන නියෝජිත ආයතන වීම සහ වෙනත් පුද්ගලික සමාගම් වීම.
- විදේශ රැකියා වෙළඳපොලේ ඉහල ඉල්ලුමක් පැවතීම
1989 සිට සම්පූර්ණයෙන් නොමිලේ ක්‍රියාත්මක වූ මෙම පාඨමාලාව 2025 වසරේ සිට රජය විසින් මුදල් අයකිරීම නිසා ඇතැම් සිසු දරුවන්ට පැමිණීමේ වරම් ඇහිරී ඇත.
02
මෝටර් රථ විදුලි කාර්මික ශිල්පී.
Automobile Electrician (NVQ L4)

03
මෝටර් රථ තාක්ෂණික ශිල්පී.
Automobile Technician (NVQ 4 / NVQ 5)
ශ්‍රී ලංකා ජර්මානු කාර්මික පුහුණු කිරීමේ ආයතනය.රත්මලාන – කොළඹ
(German Tech)
සිවු අචුරුදු පූර්ණ කාලීන. පළමු අවුරුදු 3 අවසානයේ අවුරුද්දක වැඩහල් (workshop training) පුහුණුවකි.
ප්‍රථම සය මාසික මූලික පුහුණුවෙන් පසු අදාල පාඨමාලාව (මෝටර් රථ කාර්මික/ විදුලි කාර්මික/ යන්ත්‍ර ශිල්පී / ඩීසල් කාර්මික ශිල්පී ) ආයතනය විසින් විභාගයක් පවත්වා එහි ප්‍රථිපල අනුව ලබා දේ.
(අය කිරීමක් නැත)
වැඩි විස්තර සඳහා ආයතයේ වෙබ් පිටුවට මෙතැනින්
පිළිගැනීමට හේතු
- වසර හතරක පාඨමාලාවක් වීම.
- ප්‍රයෝගික පුහුණුවට රජයේ සහ ඇතැම් පුද්ගලික අංශයේ ආයතන / වාහන නියෝජිත ආයතන වලට යොමු කිරීම
- විදේශ රැකියා වෙළඳපොලේ ඉහල ඉල්ලුමක් පැවතීම
කෙසේ වුවද පසුගිය වසරේ සිට ඩිප්ලෝමා (NVQ 5) ආරම්භ කිරීම නිසා තාක්ෂණික සිසුන්ගේ ප්‍රයෝගික කුසලතා වල යම් අඩුවීමක් ඇතැයි නිරීක්ෂණය වී ඇත.
04
මෝටර් රථ පින්තාරු ශිල්පී.
Automobile Painter (NVQ 4 )
මෝටර්රථ ඉංජිනේරු අභ්‍යාස ආයතය
ඔරුගොඩවත්ත – කොළඹ
(Japan Tech)
1.5 අචුරුදු පූර්ණ කාලීන. පළමු මස 6 අවසානයේ අවුරුද්දක වැඩහල් (workshop training) පුහුණුවකි.
(අය කිරීමක් නැත)
පිළිගැනීමට හේතු
- වසර 1.5 පාඨමාලාවක් වීම.
- ප්‍රයෝගික පුහුණුවට රජයේ සහ ඇතැම් පුද්ගලික අංශයේ ආයතන / වාහන නියෝජිත ආයතන වලට යොමු කිරීම
- විදේශ රැකියා වෙළඳපොලේ ඉහල ඉල්ලුමක් පැවතීම
05
මෝටර් බඳ හා වැද්දුම් ශිල්පී.
Automoile Tinker (NVQ 4 )
මෝටර්රථ ඉංජිනේරු අභ්‍යාස ආයතය
ඔරුගොඩවත්ත – කොළඹ
(Japan Tech)
1.5 අචුරුදු පූර්ණ කාලීන. පළමු මස 6 අවසානයේ අවුරුද්දක වැඩහල් (workshop training) පුහුණුවකි.
(අය කිරීමක් නැත)
පිළිගැනීමට හේතු
- වසර 1.5 පාඨමාලාවක් වීම.
- ප්‍රයෝගික පුහුණුවට රජයේ සහ ඇතැම් පුද්ගලික අංශයේ ආයතන / වාහන නියෝජිත ආයතන වලට යොමු කිරීම
- විදේශ රැකියා වෙළඳපොලේ ඉහල ඉල්ලුමක් පැවතීම
06
මෝටර් රථ බඳ වැද්දුම් සහ පින්තාරු ශිල්පී.
Automobile Body Repairer & Painter (NVQ 4)
ශ්‍රී ලංකා ජර්මානු කාර්මික පුහුණු කිරීමේ ආයතනය.රත්මලාන – කොළඹ
(German Tech)
තුන් අචුරුදු පූර්ණ කාලීන. පළමු අවුරුදු 2 අවසානයේ අවුරුදු 1 වැඩහල් (workshop training) පුහුණුවකි.
(අය කිරීමක් නැත)
වැඩි විස්තර සඳහා ආයතයේ වෙබ් පිටුවට මෙතැනින්
පිළිගැනීමට හේතු
- වසර හතරක පාඨමාලාවක් වීම.
- ප්‍රයෝගික පුහුණුවට රජයේ සහ ඇතැම් පුද්ගලික අංශයේ ආයතන / වාහන නියෝජිත ආයතන වලට යොමු කිරීම
- විදේශ රැකියා වෙළඳපොලේ ඉහල ඉල්ලුමක් පැවතීම
07
මෝටර් රථ විදුලි කාර්මික ශිල්පී.
Automobile Electraiacn (NVQ 4)
ශ්‍රී ලංකා ජර්මානු කාර්මික පුහුණු කිරීමේ ආයතනය.රත්මලාන – කොළඹ
(German Tech)
තුන් අචුරුදු පූර්ණ කාලීන. පළමු අවුරුදු 2.5 අවසානයේ සය මාසික වැඩහල් (workshop training) පුහුණුවකි.
ප්‍රථම සය මාසික මූලික පුහුණුවෙන් පසු අදාල පාඨමාලාව (මෝටර් රථ කාර්මික/ විදුලි කාර්මික/ යන්ත්‍ර ශිල්පී / ඩීසල් කාර්මික ශිල්පී ) ආයතනය විසින් විභාගයක් පවත්වා එහි ප්‍රථිපල අනුව ලබා දේ.
(අය කිරීමක් නැත)
වැඩි විස්තර සඳහා ආයතයේ වෙබ් පිටුවට මෙතැනින්
පිළිගැනීමට හේතු
- වසර හතරක පාඨමාලාවක් වීම.
- ප්‍රයෝගික පුහුණුවට රජයේ සහ ඇතැම් පුද්ගලික අංශයේ ආයතන / වාහන නියෝජිත ආයතන වලට යොමු කිරීම
- විදේශ රැකියා වෙළඳපොලේ ඉහල ඉල්ලුමක් පැවතීම
08
මෝටර් රථ ඩීසල් කාර්මික ශිල්පී.
Automobile Diesel Mechanic (NVQ 4)
ශ්‍රී ලංකා ජර්මානු කාර්මික පුහුණු කිරීමේ ආයතනය.රත්මලාන – කොළඹ
(German Tech)
තුන් අචුරුදු පූර්ණ කාලීන. පළමු අවුරුදු 2.5 අවසානයේ සය මාසික වැඩහල් (workshop training) පුහුණුවකි.
ප්‍රථම සය මාසික මූලික පුහුණුවෙන් පසු අදාල පාඨමාලාව (මෝටර් රථ කාර්මික/ විදුලි කාර්මික/ යන්ත්‍ර ශිල්පී / ඩීසල් කාර්මික ශිල්පී ) ආයතනය විසින් විභාගයක් පවත්වා එහි ප්‍රථිපල අනුව ලබා දේ.
(අය කිරීමක් නැත)
වැඩි විස්තර සඳහා ආයතයේ වෙබ් පිටුවට මෙතැනින්
පිළිගැනීමට හේතු
- වසර හතරක පාඨමාලාවක් වීම.
- ප්‍රයෝගික පුහුණුවට රජයේ සහ ඇතැම් පුද්ගලික අංශයේ ආයතන / වාහන නියෝජිත ආයතන වලට යොමු කිරීම
- විදේශ රැකියා වෙළඳපොලේ ඉහල ඉල්ලුමක් පැවතීම
09
මෝටර් රථ කාර්මික ශිල්පී
National Certificate in Engineering Craft Practice – Motor Vehicle Mechanic (NVQ 4)
කාර්මික විද්‍යාල – මරදාන කාර්මික විද්‍යාලය ඇතුළු අනෙකුත් ප්‍රදේශ වල කාර්මික විද්‍යාල වල
අවුරුදු දෙකක පූර්ණ කාලීන. පළමු අවුරුදු 1.5 අවසානයේ සය මාසික වැඩහල් (workshop training) පුහුණුවකි.
(අය කිරීමක් නැත)
වැඩි විස්තර සඳහා ආයතයේ වෙබ් පිටුවට මෙතැනින්
10
මෝටර් රථ කාර්මික ශිල්පී.
NVQ 3 & 4
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය
(VTA) නාරාහේන්පිට ප්‍රධාන VTA මධ්‍යස්ථානය ඇතුළු ලංකාවේ විවිද ප්‍රදේශ වල පිහිටා ඇති VTA මධ්‍යස්ථාන වල.
අවුරුදු 1.5 පූර්ණ කාලීන. පළමු අවුරුදු 1 අවසානයේ සය මාසික වැඩහල් (workshop training) පුහුණුවකි.
(අය කිරීමක් නැත)
වැඩි විස්තර සඳහා ආයතයේ වෙබ් පිටුවට මෙතැනින්
පිළිගත් මෝටර් රථ තාක්ෂණික පාඨමාලා – පූර්ණ කාලීන / Full Time
(පුල්ගලික අංශය)
01
මෝටර් රථ කාර්මික ශිල්පී.
Certificate in Automobile Mechatronics / NVQ 4
DIMO Academy for Technical Skills (DATS) – කොළඹ
2 අචුරුදු පූර්ණ කාලීන.පළමු අවුරුදු 1 අවසානයේ වසර දෙකක ප්‍රායෝගික පුහුණුව (Workshop Training)
(අය කිරීමක් සහිතයි)
පිළිගැනීමට හේතු
- වසර දෙකක් පිටස්තර ආයතන වල ප්‍රයෝගික පුහුණුව ලබා දීම
- ප්‍රයෝගික පුහුණුව ලබා දෙන පිටස්තර ආයතන බොහෝවිට වාහන නියෝජිත ආයතන වීම සහ වෙනත් පුද්ගලික සමාගම් වීම.
.
02
මෝටර් රථ කාර්මික ශිල්පී.
German Diploma in Automobile Mechatronics
DIMO Academy for Technical Skills (DATS) – කොළඹ
3 අචුරුදු පූර්ණ කාලීන.පළමු අවුරුදු 1 අවසානයේ වසර දෙකක ප්‍රායෝගික පුහුණුව (Workshop Training)
(අය කිරීමක් සහිතයි)
පිළිගැනීමට හේතු
- බෙන්ස් මෝටර් රථ සහ ලංකාවේ ඩිමෝ අයයතනය තුල ඇති අංශවල පුහුණුව ලබා දේ.
- ජර්මන් මෝටර් රථ පිළිබඳව වඩා හොද පුහුණුවක් ලබා ගත හැකිය.
- විදේශ රැකියා වෙළඳපොලේ ඉහල ඉල්ලුමක් පැවතීම
.පාඨමාලාව ප්‍රධාන වශයෙන් ඉලක්ක වන්නේ ජර්මන් මෝටර් රථවලට බැවින් ජපන් මෝටර් රථවල අලුත්වැඩියා සඳහා අමතර දැනුමක් ලබා ගත යුතුය.
Updated -19/4/2026