Skip to content
ඔබ මෝටර් රථ තාක්ෂණය ඉගෙන ගැනීමට උනන්දුවක් දක්වන්නේ නම් සහ දැනට ඒ පිළිබඳව පැහැදිලි අවබෝදයක් නැත්තම් පහත කොටස් පරිශීලනය කිරීමෙන් දල අවබෝදයක් ලබා ගත හැකිය. එමෙන්ම ඔබ තෝරා ගන්නා පාඨමාලව සහ එම පාඨමාලව සමග ඔබ ලබා ගත යුතු අමතර දැනුමද සඳහන් කර ඇත. මෙම තොරතුරු 2026 අප්‍රේල් මසට යාවත්කාලීන තොරතුරු වන අතර , ඔබ විශේෂයෙම්ම විදේශ ගත රැකියාවක් බලාපොරොත්තුවෙන් මෙම පාඨමාලා හදාරන්නේ නම් එම තොරතුරු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න.

මීට අමතරව ඔබේ අවශ්‍යතාවය අනුව අපට ඔබ හට මග පෙන්වීමක් නොමිලේ ලබාදිය හැකි අතර ඒ සඳහා ඉල්ලීම් අපගේ ෆේස්බුක් පිටුව හරහා අපවෙත ලැබීමට සලස්වන්න. පාඨමාලාවක් තෝරාගත් පසු අදාල ආයතන මොනවාද යන්න දැනගැනීමට අපගේ “තාක්ෂණික ආයතන” පිටුවට යොමු වන්න.

වැඩි විස්තර සඳහා අදාළ පාඨමාලාව ක්ලික් කරන්න. අද ලෝකයේ භාවිතාව මත සහ වැදගත්කම අනුව මුල සිට අගට පෙළ ගස්වා ඇත.

Automobile Technician
මෝටර් රථ තාක්ෂණික ශිල්පී

මෝටර් රථ කාර්මික ශිල්පය පිළිබඳව අවබෝදයක් ලබා දේ. විශේෂයෙන් එන්ජිම, ගියර් පද්ධතිය , වැනි යාන්ත්‍රික පද්ධති ගැලවීම අලුත්වැඩියාව මෙයට අදාළ වේ. මීට අමතරව මෝටර් හයිබ්‍රිඩ් තාක්ෂනය, විදුලි මෝටර් රථ පිළිබඳව අබබෝ.දයක් ලබා ගත හැකිය

පාඨමාලාවේ අන්තර්ගත සම්පූර්ණ කරුණු පිළිබඳව දන ගැනීමට අපගේ “විෂයමාලා” පිටුවට යොමු වන්න



Automobile Mechanic
මෝටර් කාර්මික ශිල්පී

මෝටර් රථ කාර්මික ශිල්පය පිළිබඳව අවබෝදයක් ලබා දේ. විශේෂයෙන් එන්ජිම, ගියර් පද්ධතිය , වැනි යාන්ත්‍රික පද්ධති ගැලවීම අලුත්වැඩියාව මෙයට අදාළ වේ.

පාඨමාලාවේ අන්තර්ගත සම්පූර්ණ කරුණු පිළිබඳව දන ගැනීමට අපගේ “විෂයමාලා” පිටුවට යොමු වන්න


Auto painter
මෝටර් රථ පින්තාරු කිරීමේ ශිල්පී

මෝටර් රථ වර්ණ ගැන්වීම / වර්ණ වෙනස් කිරීම / පිලිබඳ අවබෝදයක් ලබා ගත හැකිය. මෙම පාඨමාලාව ඔස්ට්‍රේලියාව, නවසීලන්තය ඇතුළු රටවල ඉමහලම ඉල්ලුමක් පවතින පාඨමාලාවකි. කෙසේ වුවද වර්ණ ගැන්වීමේදී ඔබ ආරක්ෂක උපකරණ (මුහුණු ආවරණ වැනි දෑ ) සැමවිටම භාවිතා කිරීමට වගබලා ගත යුතුය. නැතහොත් සෞක්‍ය ගැටළු පසු කාලීනව මතු විය හැකිය.


Auto Tinker
ටින්කර් කාර්මික ශිල්පී

මෝටර් රථ බඳ අලුත්වැඩියාව පිළිබඳව අවබෝධයක් ලබා දේ. මෙම පාඨමාලාවේදී විවිද පෑස්සීමේ ක්‍රම පිළිබඳව පුහුණු විය හැක. මෙම පාඨමාලාව ඔස්ට්‍රේලියාව, නවසීලන්තය ඇතුළු රටවල ඉමහලම ඉල්ලුමක් පවතින පාඨමාලාවකි.


Machinist
යන්ත්‍ර ශිල්පී

මෝටර් රථ එන්ජින් සහ අනෙකුත් යකඩ ආශ්‍රිත ලියවන පට්ටල් වැඩ (එන්ජිම් යකඩ කොටස් අලුත්වැඩියාව) යකඩ කොටස් නිෂ්පාදනය කිරීම මෙම පාඨමාලාවේදී ඉහෙන ගැනීමට හැකි වේ. මෙම පාඨමාලාව මෝටර් රථ ක්‍ෂෙත්‍රය සහ කෙලිම්ම සම්භන්ද නොවුවත් ලියවන පට්ටල් ආශ්‍රිතව රැකියාවක් ලබා ගත හැකිය.


Automobile AC Technician
මෝටර් රථ වායුසමන ශිල්පී

මෝටර් රථ වායු සමීකරණ පද්ධතිය පිළිබඳව සහ එහි අලුත්වැඩියාව පිලිබඳ අවබෝධයක් ලබා ගත හැකිය.


Motorcycle Technician
යතුරුපැදි කාර්මික ශිල්පී

යතුරුපැදිවල කාර්මික ශිල්පය පිළිබඳව අවබෝදයක් ලබා දේ. විශේෂයෙන් එන්ජිම, ගියර් පද්ධතිය , වැනි යාන්ත්‍රික පද්ධති ගැලවීම අලුත්වැඩියාව මෙයට අදාළ වේ. අමතරව විදුලි පද්ධති පිළිබඳවද අවබෝදයක් ලබා ගත හැකිය


මෝටර් රථ ක්ෂේත්‍රය හා සබැඳුනු අමතර පාඨමාලා

වැඩි විස්තර සඳහා අදාළ පාඨමාලාව ක්ලික් කරන්න. ප්‍රධාන පාඨමාලා තරම් නොවුවත් මෙම පාඨමාලා හෝ විෂය පත මගින්ද රැකියා බිහිවී ඇත.

Automobile Deisel Mechanic
මෝටර් රථ ඩීසල් කාර්මික ශිල්පී

මෝටර් රථ ඩීසල් එන්ජිම් පිළිබඳව වැඩි අවධානයක් ලබාදෙමින් ඩීසල් එන්ජිමේ ක්‍රියාකාරීත්වය සහ එහි අලුත්වැඩියා කටයුතු පිලිබන්දව අවබෝධයක් ලබා දේ.එමෙන්ම විශේෂයෙන් බර වාහන ඩීසල් එන්ජිම් පිළිබඳවද ඉගෙන ගැනීමට හැකිය


Auto Color Mixer
පින්තාරු වර්ණ සැකසුම් ශිල්පී

මෝටර් රථ පින්තාරු / වර්ණ ගැන්වීම සඳහා විවිද වර්ණ මිශ්‍ර කරමින් වර්ණ ගැලපීම මෙගි කාර්යයයි. මේ වන විට මේ සඳහා වර්ණ ගැලපුම් යන්තර භාවිතා කරන අතර ඇතැම් විට යන්ත්‍ර වලින් ගලපා ගත නොහැකි වර්ණ සදා ගැනීමට පින්තාරු ශිල්පියෙක් වශයෙන් ඉහල අතදකීමක් ලබා ගෙන සිටිය යුතු වේ.